වසර 10කදී ට්‍රිලියන 5ක වැඩ කරනවා
ඉදිරි වසර 10 තුළ තම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් ට්‍රිලියන 05 ක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
2019 වර්ෂයේ රාජකාරී ආරම්භ කරමින් රාජ්‍ය ප්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුව අමාත්‍යාංශය ඇතුළු යටත් ආයතනයන් හි නිලධාරීන් හා සේවක සේවිකාවන් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“ඊළඟ වසර 10 තුළ මෙම අමාත්‍යාංශය උරදී තිබෙන ව්‍යාපෘතිවල වටිනාකම ට්‍රිලියන 5ක් වෙනවා. මහාමාර්ග අමාත්‍යාංශය පමණයි අපට වඩා වාර්ෂිකව එවැනි ක්‍රියාවලියක් සිදු කරන්නේ.
ආර්ථිකයට කරන බලපෑම පැත්තෙන් ගත්තහම විශාලතම ව්‍යාපෘති රැසක් අපි සාර්ථකව ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. ඒ වගේම අපි මේ වසරේදී බලාපොරොත්තු වෙනවා කුඩා ව්‍යාපෘති පිළිබඳව වැඩිපුර අවධානය යොමුකර අපේ ජනතාවගේ සුළු පාරිමාණ නාගරික අවශ්‍යතා දෙසට වැඩි අවධානයක් යොමුකර ක්‍රියා කරන්න.”
popular news
-
Bandula. Wednesday, 02 January 2019 02:39 PM
අනෙහ්! .... එපමණ කලක් ඉන්නවද? එහෙනම් මේක සුරපුරයක් වේවි, අනේ වාසනාවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
